මැදපෙරදිග කලාපයේ අතිශය ප්‍රබල චරිතයක් වන ඩුබායි පාලකයෙකුගේ බිරිඳක් තම දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ලන්ඩනයේ සිට සිය ස්වාමියාගෙන් නඩත්තු වන්දි ඉල්ලා නඩුවක් ගොනුකර තිබේ.
ෂෙයික් මොහොමඩ් අල් මැක්ටොම් කුමාරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත්තේ, හායා බින්ට් අල්-හුසේන් කුමරිය විසිනි.
ඇය එක්සත් අරාබි එමීරයේ රජ මැදුරෙන් පළා ගිය තුන්වැනි රාජකීය කාන්තාව වන අතර, තම ජීවිතයට තර්ජනයක් වේ යැයි බියෙන් ඇය ලන්ඩනයේ සැඟව සිටින බව පසුගියදා අනාවරණය විය.
ඒ අනුව, බ්‍රිතාන්‍යයේදී ගොනුවන නඩුවේදී ඇයගේ දරුවන් සඳහා නඩත්තු වන්දි ලබාගැනීමට කුමරිය සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.
ජෝර්දානයේ ඉපිද, ලන්ඩනයේ පෞද්ගලික විද්‍යාලයකින් අධ්‍යාපනය ලබා ඇති කුමරිය, වත්මන් ජෝර්දාන පාලක දෙවැනි අබ්දුල්ලා රජුගේ අර්ධ සහෝදරියද වෙයි.
2004 වසරේදී ෂෙයික් මොහොමඩ් කුමරු හා විවාහ වන ඇය ඔහුගේ හයවැනි සහ ළාබාලතම බිරිඳ බවට පත්වෙයි.
බිලියනපතියෙකු වන 70 වැනි වියෙහි පසුවන ෂෙයික් මොහොමඩ් කුමරුට දාව ඔහුගේ බිරින්ඳෑවරුන්ගෙන් දරුවන් 23 දෙනෙකු ඔහු සතුවන බව වාර්තා වෙයි.