ඩිජිටල් ණය App නියාමන පියවර ඉන්දියාව ගනියි


ඩිජිටල් ණය දීමේ යෙදුම් (App) අංශයේ නීති විරෝධී ණයදීමේ ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ෆෙඩරල් රජය විසින් නීති සම්පාදනය කරන ලෙස ඉල්ලා සිටිමින් ඉන්දියාවේ මහ බැංකුව ඩිජිටල් ණය දීම පිළිබඳ කමිටු වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

වාර්තාවේ බලාපොරොත්තුව පාරිභෝගික ආරක්ෂාව වැඩි දියුණු කිරීම සහ නවෝත්පාදන දිරිමත් කරන අතරම ඩිජිටල් ණය දෙන පරිසර පද්ධතිය ආරක්ෂිත සහ වඩාත් යහපත් එකක් බවට පත් කිරීම බව ඉන්දියානු සංචිත බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාව පවසයි.

වාර්තාවට අනුව, ඉන්දියානු ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිත කරන්නන් සඳහා App වෙළෙඳසැල් 80ක් පුරා ණයදෙන යෙදුම් 1,100ක් තිබී ඇති අතර, ඉන් යෙදුම් 600කට අධික ප්‍රමාණයක් නීති විරෝධී ණය යෙදුම් බව සොයාගෙන තිබේ. විශේෂයෙන්ම 2020 ජනවාරි සිට 2021 මාර්තු දක්වා අදාළ පාරිභෝගික පැමිණිලි 2,562ක් ලැබී ඇති බවද සංචිත බැංකුව පවසයි.

ඉන්දියාවේ ඩිජිටල් ණය දීමේ ක්‍රියාකාරකම් ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගික ආරක්ෂාව සහ ව්‍යාපාරික හැසිරීම් ගැටලු පිළිබඳව ඇති වූ කනස්සල්ලෙන් පසුව ජනවාරි මාසයේදී විශේෂඥ මණ්ඩලය පිහිටුවන ලදී. එය දෙසැම්බර් 31දා දක්වා මෙම වාර්තාවට මහජන අදහස් කැඳවා තිබේ.



Recommended Articles