ඩ්‍රෝන ප්‍රහාරයක් නිසා ඉරාක අගමැති අනූනවයෙන් බේරේ


පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානයක් බැග්ඩෑඩ් හි ඉරාක අගමැති මුස්තාෆා අල්-කදිමිගේ නිවස ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉරාක අගමැතිවරයා ඝාතනය කිරීමේ තැතක් ලෙස මෙම ප්‍රහාරය හැඳිනගෙන ඇති අතර, අගමැති කදිමි ප්‍රහාරය හේතුවෙන් කිසිදු අනතුරකින් තොරව දිවි බේරාගෙන තිබේ.

බැග්ඩෑඩ්හි විදේශ තානාපති කාර්යාල සහ රජයේ කාර්යාල පිහිටා ඇති අගනුවර දැඩි ආරක්ෂිත හරිත කලාපය දෙසින් වෙඩි තැබීමකින් පසුව පිපිරුම් හඬක් ඇසුණු බව ජනතාව පවසයි.

කදිමිගේ නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා නිරුපද්‍රිතව සිටින බවත්, ජනතාවට සන්සුන් වන ලෙස ඉල්ලා සිටින බවත්ය.

ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් වහාම භාරගෙන නොමැත.



Recommended Articles