යුරෝපයේ විශාලතම නිධන් එකතුවක් වන නැගෙනහිර ජර්මනියේ ඩ්‍රෙස්ඩන් ග්‍රීන් වෝල්ට් වෙතින් දියමන්ති ස්වර්ණාභරණ කට්ටල තුනක් සොරාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම ස්වර්ණාභරණ කට්ටලවල කොටස් 37 බැගින් වන අතර, සොරුන් ඒවා බිඳ දැමීමට කටයුතු කරනු ඇති බවට සැකකෙරෙයි.
ඩ්‍රෙස්ඩන් පොලිසිය සහ කෞතුකාගාර නිලධාරීන් පවසන්නේ සඳුදා අලුයම සිදුව ඇති මෙම මංකොල්ලයේදී, කොපමණ ප්‍රමාණයක් සොරාගෙන ඇත්ද යන්න තවමත් තහවුරු කිරීමට උත්සාහ කරන බවයි.
සැක්සොනි පාලකයා වූ ඕගස්ට් ද ස්ට්‍රෝං විසින් 18 වැනි සියවසේදී මෙම එකතුව නිර්මාණය කරන ලද බව කියැවෙයි.
“දියමන්ති කට්ටල 10 න් 3ක්ම පැහර ගෙන ගොස් තිබෙනවා” යැයි ඩ්‍රෙස්ඩන් රාජ්‍ය කෞතුකාගාර ප්‍රධානී මේරියන් ඇකර්මන් පවසයි.
18 වැනි සියවසට අයත් මෙම ස්වර්ණාභරණ කට්ටලවල රතු මැණික් හා නිල් මැණික්ද ඇතුළත් බව වාර්තා වේ.
බිම් මහලේ ජනේලයක වූ යකඩ ග්‍රිල් එකක කොටසක් ඉවත් කර වීදුරුව කුඩු කර ඔවුන් මෙම පරිශ්‍රය වෙත ඇතුළු වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර, සොරුන් කොටුකර ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙයි.