ඩවුනිං වීදිය ගැන ලන්ඩන් පොලීසිය විමර්ශන අරඹලා


එක්සත් රාජධානියේ අගමැති නිල නිවස කේන්ද්‍ර කරගනිමින් කොවිඩ්-19 රෙගුලාසි කඩ වී ඇති බවට වන ප්‍රකාශයන් මධ්‍යයේ වසංගතය අතරතුර ඩවුනිං වීදියේ සහ වයිට්හෝල් හි සිදුවීම් ගණනාවක් විමර්ශනය අරඹා ඇති බව ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලීසිය පවසයි.

මෙට්‍රොපොලිටන් පොලිස් කොමසාරිස් ක්‍රෙසිඩා ඩික් ලන්ඩනයේ සමූහ පොලිස් සහ අපරාධ කමිටුවට පවසා සිටියේ, "පළමුව කැබිනට් කාර්යාල විමර්ශන කණ්ඩායම විසින් සපයන ලද තොරතුරු සහ දෙවනුව මගේ නිලධාරීන්ගේ තක්සේරුව අනුව, මෙට්‍රොපොලිටන් පොලීසිය දැන් සිදුවීම් ගණනාවක් විමර්ශනය කරන බව මට තහවුරු කළ හැකියි. කොවිඩ්-19 රෙගුලාසි උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පසුගිය වසර දෙක තුළ ඩවුනිං වීදියේ සහ වයිට්හෝල්හි සිදුවීම් ගණනාවක් මේ අයුරින් විමර්ශනයට ලක්වෙනවා" යනුවෙනි.

දැඩි කොවිඩ්-19 සීමා කිරීම්වලට අවනත වන ලෙස රටේ සෙසු ප්‍රදේශවලට නියෝග කරන විට ඩව්නිං වීදියේ පැවති යැයි කියනු ලබන සාද සහ සමාජ රැස්වීම් මාලාවක නවතම හෙළිදරව්ව මෙය වන අතර, අගමැති බොරිස් ජොන්සන් වෙත දැඩි විරෝධයක් එල්ල වීමටද මෙය බලපා තිබේ.



Recommended Articles