ඩකා ගින්නෙන් මියගිය පිරිස 25ක් තවත් 70ක් තුවාල ලබලා


බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 70ක් තුවාල ලබා තිබේ.

මෙසේ මියගිය පුද්ගලයන්ගෙන් 6 දෙනෙකු ගින්න පැතිරී යන අවස්ථාවේදී ගොඩනැගිල්ලෙන් පැනීමට යාමේදී ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අතර, ශ්‍රී ලාංකිකයෙකුද වන බව පසුගියදා බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කර තිබුණි.

ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ ගිනි නිවන භටයන් පවසා සිටියේ ගින්න ඇතිවන අවස්ථාවේදී ප්‍රමාණවත් තරම් ගිනි ආරක්ෂණ උපකරණ ඒ තුළ නොවීම ගින්න වේගයෙන් පැතිරීමට හේතු වී ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, බංග්ලාදේශ රජය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.



Recommended Articles