ටෝකියෝවේ කොවිඩ් හදිසි තත්ත්වය තව දීර්ඝ කිරීමක්


ජපානය තුළ කොරෝනා වසංගතය තවදුරටත් පාලනය කිරීම සඳහා දැනට සැප්තැම්බර් 12දායින් අවසන් වීමට නියමිතව තිබෙන ටෝකියෝවේ සහ ඒ අවට හදිසි නීතිය දීර්ඝ කිරීමට ජපාන රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමග තත්ත්වය පාලනය කරගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින ජපානය මේ වනවිට යම් ප්‍රගතියක් ලබා ඇති බවද සඳහන් වෙයි.

විශේෂයෙන්ම කොරෝනාවට එරෙහිව සටන් කිරීම භාර අමාත්‍ය ටාරෝ කොනෝ එරට මීළඟ අගමැතිවරයා ලෙස පත්වීම සඳහා ඉහළ ජනතා ප්‍රසාදයක් ලබාගෙන තිබීමෙන්ම එරට තුළ වසංගතය පාලනයේ සාර්ථකත්වය කියා පායි.

 



Recommended Articles