ටෝකියෝ පදික වේදිකාවකට වෑන් රථයක් වැදී 9ක් තුවාලයි


ජපානයේ, ටෝකියෝ නුවර නව අවුරුදු උදාව සමරමින් පදිකවේදිකාවේ සිටි පිරිසක් වෙත කුඩා වෑන් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙසේ මෝටර් රථය ධාවනය කළ පුද්ගලයා පසුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණු අතර, මනුෂ්‍ය ඝාතන තැත් කිරීම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

තුවාල ලැබූ පුද්ගලයන් 9 දෙනොගෙන්, එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවත්, නව වසර උදාවී සුළු මොහොතකින් පසුව මෙම සිදුවීම සිදුව ඇති බවත් සඳහන් වෙයි.

වෑන් රථය පැදවූ රියදුරු 21 හැවිරිදි කුසුහිරෝ කුසකාබේ ලෙස හඳුනාගෙන ඇති අතර, සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව පොලීසිය විශ්වාස කරයි.



Recommended Articles