ජපාන ටෝකියෝ අගනුවර වාර්තාගත මට්ටමක් දක්වා මෑතදී කොවිඩ්-19 ආසාදිතයන් ඉහළ යාමෙන් පසු ටෝකියෝව කොරෝනා වෛරස ආසාදන පිළිබඳ අනතුරු ඇඟවීම ඉහළම මට්ටමට ඔසවා තබයි.
ටෝකියෝවේ පසුගිය දින 06 තුළ දෛනික කොරෝනා වෛරස් ආසාදිතයන් 200 ඉක්මවා ඇති අතර, පසුගිය සිකුරාදා මෙතෙක් වාර්තා වූ ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව ලෙස ආසාදිතයන් 243ක් හඳුනා ගෙන තිබුණි.
මේ ආකාරයෙන් ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටමෙන් ඇඟවෙන්නේ කොරෝනා වෛරසය ටෝකියෝව පුරා පැතිරීමට ඉඩ ඇති බවය.
ජපානයෙන් මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 22,883ක් වාර්තා වී ඇති අතර, මරණ 984ක් වාර්තා වෙයි.