ටොරන්ටෝ වීදියක වෙඩි තැබීමක් අයෙක් මරුර - 13ක් තුවාල ලබලා


කැනඩාවේ ටොරන්ටෝ නගරයේ කාර්ය බහුල වීදියක තුවක්කුකරුවෙකු විසින් සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව, තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන කුඩා දැරියක සිටින බවද කියයි.

ඉරිදා සවස් කාලයේදී ඩෑන්ෆෝත් වීදියේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, එම අවස්ථාවේදී එම ප්‍රදේශය ජනයාගෙන් පිරී පැවති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය නොවූවත්, එරට තුළ ගිනි අවිභාවිතයෙන් සිදුවන ප්‍රචණ්ඩක්‍රියා ඉහළ යමින් පවතින බවට චෝදනා නැගේ.

පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles