ටොයිලට් පේපර් භීතියක්?


ජල දූෂණය සඳහා ප්‍රධාන හේතුවක් වන Polyfluoroalkyl සින්තටික් රසායනය ටොයිලට් පේපර්ස්වල අඩංගු බව ඇමෙරිකාවේ ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයේ නවතම පර්යේෂණයකින් හෙළිකර තිබේ.

පාරිසරික විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජර්නලයේ පළකෙරුණු මෙම පර්යේෂණ වාර්තාව ඇමෙරිකාව, යුරෝපය සහ අප්‍රිකාව තුළ අලෙවි කෙරෙන ප්‍රධාන ටොයිලට් පේපර්ස් වර්ග 21ක් සහ ෆ්ලොරීඩාවේ අපජල පද්ධති ඇසුරෙන් ලබාගත් සාම්පල පරීක්ෂණයට භාජනය කර සකසා ඇත.

එසේම, මෙම ටොයිලට් පේපර්ස්වල අඩංගු රසායනිකයන් තුළ පිළිකා සහ වෙනත් රෝගී තත්ත්වයන් ඇති කරන රසායනිකයන් අඩංගු බවටද නවතම පර්යේෂණ පදනම්ව මත පළවෙන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles