එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ නිරිතදිග කොටසේ ටොනේඩෝවලින් දරුණු ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශවලින් එකක් වන මේෆීල්ඩ් නගරයට අසල්වැසි ප්‍රාන්තවලින් ආධාර ගලාඑන අතර, එම ප්‍රදේශයේ තවදුරටත් මෙහෙයුම් සිදුවන බව කියයි.
කම්කරුවන් මේෆීල්ඩ් නගරයේ ප්‍රධාන වීදියේ හානියට පත් ගොඩනැගිලි අලුත්වැඩියා කරමින් විනාශ වූ නිවාස ඉවත් කරමින් සිටින ආකාරය දැකිය හැකිය. නේවාසික ප්‍රදේශවල, සියලුම අබලන් නිවාස සලකුණු කර ඇති අතර, නිවැසියන් සමාගම්වල හෝ ප්‍රාන්ත රජයේ වියදමින් හෝටල් වෙත ගෙන ගොස් ඇත.
ස්වේච්ඡා සේවකයන් සහ රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින් වීදිවල නොමිලේ ආහාර සහ ජලය සපයන ආකාරයද දැකිය හැකි විය.
සමහර විශාල සම්ප්‍රේෂණ කුළුණුවලට හානි සිදුවී ඇති නිසා ප්‍රාන්තයේ විදුලිය ඇනහිටීම් 25,000කට අධික විය.
සති අන්ත ටොනාඩෝ පුපුරා යාමෙන් පසු, කෙන්ටකි ප්‍රාන්තයේ පමණක් අවම වශයෙන් පුද්ගලයින් 74 දෙනෙකු මිය ගොස් තිබුණු අතර, එම සංඛ්‍යාව ඉහළ යනු ඇති බවද විශ්වාස කෙරේ.
මරණ වලට අමතරව, කෙන්ටකි හි පදිංචිකරුවන් 109 දෙනෙකු සොයාගැනීමට නොහැකි වී ඇති අතර, ජාතික ආරක්ෂක භටයින් මියගොස් ඇති හෝ අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ යෙදී සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සති අන්තයේ ටොනේඩෝ පුපුරා යාමෙන් තවත් මධ්‍යම එක්සත් ජනපද ප්‍රාන්ත හතරක අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගිය අතර, ඉලිනොයිස් හි හය දෙනෙකු, ටෙනසිහි හතර දෙනෙකු සහ ආකැන්සාස් සහ මිසූරි හි දෙදෙනෙකු බැගින්ද ජීවිතක්ෂයට පත්ව තිබුණි.