එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට (USGS) අනුව ඉරිදා ටොංගා සිට කිලෝමීටර් 153ක් නිරිත දෙසින් පිහිටි සාගරයේ රික්ටර් මාපක 5.1 ක භූමිකම්පාවක් වාර්තා වී තිබේ.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය කිලෝමීටර් 207.7ක් ගැඹුරින් වාර්තා වී ඇත. කෙසේ වෙතත් සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෑතකදී ටොංගා ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වූ අතර, එය ටොංගා දූපත් වෙත සුනාමි අනතුරක් ඇති විය.