ටොංගා පිපිරීමෙන් පේරු හි පාරිසරික තර්ජනය ඉහළට


ටොංගා හි ගිනිකඳු  පිපිරීම හේතුවෙන් පේරු රාජ්‍යයේ ඇති වූ තෙල් කාන්දු වීම පේරු වැසියන්ට මෙන්ම, සාගර ජීවීන්ට දැඩි තර්ජනයක් ඇති කර තිබේ.

තෙල් කාන්දුව නිසා ලීමා අගනුවර වෙරළ තීරයේ කොටසක් දුර්ගන්ධයෙන් සහ සත්ව මළකුණුවලින් කළු පටියක් බවට පත්ව ඇත්තේ, ටොංගා හි ගිනිකඳු පිපිරීමෙන් ඇති වූ හානිය පේරු වෙත ව්‍යාප්ත වෙමිනි.

කිලෝමීටර් 10,000ක් ඔබ්බෙන් වූ ටොංගා හි ගිනිකඳු පිපිරීමෙන් ඇති වූ සුනාමි රළ හේතුවෙන් පේරු රාජ්‍යයේ තෙල් කාන්දු වීම සිදුවූ අතර, මේ වනවිටත් එරට වෙරළ තීර තුනක් මහජනතාවට වසා දමා තිබේ.

සාගර ජීවීන්ට තර්ජනයට අමතරව, පරිසර දූෂණය නිවැසියන්ගේ සෞඛ්‍ය අවදානමට ලක්කර ඇති අතර, පේරු හි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය තර්ජනයන් ඇති පදිංචිකරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර සහ හදිසි ප්‍රතිචාර දැක්වීම සඳහා කූඩාරම් පිහිටුවා ඇත.

සාගර ආර්ථික ක්‍රියාකාරකම් මත යැපෙන පදිංචිකරුවන් කොවිඩ්-19 වසංගතය මගින් දැනටමත් බලපා ඇති දිගුකාලීන ආදායම් මාර්ගය අහිමි වී සිටි අතර, මෙය ඔවුන්ට දැඩි බලපෑමක් ඇති කර තිබේ.

පේරු පරිසර අමාත්‍යාංශයට අනුව, දූෂිත වූ මුහුදු ප්‍රදේශය වර්ග මීටර් මිලියන 1.74 කට ආසන්න ප්‍රමාණයකට ළඟා වී ඇති අතර, එම සංඛ්‍යාව වැඩි වීමට ඉඩ ඇති බවද කියයි.



Recommended Articles