සයිබර් පෙනුමක් ගත් ටෙස්ලා සමාගමේ නවතම පිකප් රථය එළිදැක්වූ අතර, මෙහි ජනේල වීදුරුවල ශක්තිය පෙන්වීමට යාමේදී එය එක්වරම බිඳී යාමෙන් ටෙස්ලා ප්‍රධානියා යම් අපහසුතාවකට පත්ව තිබේ.
මෙම එළිදැක්වීම අතරතුර ට්‍රක් රථයේ ජනේල කඩා බිඳ දැමුවේ ඒවා කැඩී යාම කොතරම් දුෂ්කර දැයි පෙන්වීමට උත්සාහ කිරීමේදීය.
මෙය තම නිර්මාණය තවදුරටත් වැඩිදියුණු කිරීමට අවස්ථාවක් බව එහිදී ටෙස්ලා ප්‍රධානි එලොන් මස්ක් විහිළුවක් කළේය.
ට්‍රක් රථය කැලිෆෝනියාවේ හැව්ටෝර්න් හිදී නිරාවරණය කරන ලද අතර, එහි මල නොබැඳෙන වානේ, කෝණික මෝස්තරය බොහෝ දෙනාගේ සිත් ඇදගත් බවද සඳහන් වේ.
මෙහි පෙනුමට බොහෝ දෙනෙකු ඇලුම් කරනු ඇති බවත්, එය අනාගත අනුවාදයක් බවත් වාහන වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පෙන්වා දී තිබුණි.
පිකප් රථ වෙළෙඳ පොළට අවශ්‍ය ලෙස විදුලි බැටරි තාක්ෂණය දියුණු කිරීමට ටෙස්ලා සමාගමට මේ වනවිට හැකිවී ඇති අතර, දිගු දුරක් වැඩි බරක් සහිත වාහනයක් යන සංකල්පය මේ වනවිට ප්‍රායෝගික වී ඇති බවද එම විශ්ලේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.