ටෙක්සාස් හි හිටපු පොලිස් නිලධාරියා කළ වෙඩි තැබීම


17 හැවිරිදි එරික් කැන්ටූට වෙඩි තැබීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ, හිටපු ටෙක්සාස් පොලිස් නිලධාරියෙකු වන ජේම්ස් බ්‍රෙනාන්ඩ්ට චෝදනා එල්ල කර තිබේ.

ඔක්තෝබර් 2දා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පසු බ්‍රෙනාන්ඩ් නමැති මෙම පොලිස් නිලධාරියාව, සැන් ඇන්ටෝනියෝ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සේවයෙන් පහ කරන ලදී.

බ්‍රෙනාන්ඩ් විසින් ඔහුට වෙඩි තබන විට කැන්ටූ උතුරු පැත්තේ මැක්ඩොනල්ඩ්ස් රථ ගාලක මිතුරියක සමග වාඩි වී සිටි බව කියයි.

මේ අතර, වෙඩි වැදීමට ලක්වූ කැන්ටූගේ පවුලේ අය පැවසුවේ ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර ජීවිතාරක්‍ෂක ආධාර මත සිටින බවයි.

කැන්ටූ දිවි ගලවා නොගතහොත් බ්‍රෙනාන්ඩ්ට එරෙහිව තවදුරටත් චෝදනා ඉදිරිපත් වනු ඇති බවද කියයි.



Recommended Articles