රාජකාරියේ යෙදී සිටියදී ඝාතනයට ලක්වූ එක්සත් ජනපදයේ නියෝජ්‍ය උප පොලිස් පරීක්ෂක සික් ෂෙරිෆ්ට උපහාර පිදීම් එක්සත් ජනපදය පුරා සිදුවෙමින් තිබේ.
පොලීසිය පැවසුවේ පසුගිය සිකුරාදා ටෙක්සාස්හි රථවාහන නැවතුම්පළකදී සන්දීප් ධලිවාල්ට පිටුපස සිට වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
කෙසේ වෙතත්, මිනීමැරුම් චෝදනා යටතේ මේ සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණත්, ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ටෙක්සාස් ප්‍රාන්තයේ හැරිස් ජනපද ෂෙරිෆ්ගේ උප ප්‍රධානියා බවට පත්වූ පළමු සික් ජාතිකයා ලෙස නියෝජ්‍ය ෂෙරීෆ් ධලිවාල් ඉතිහාසයට එක්විය.
ඔහුගේ සික් අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා මුර සංචාරයේදී ඔහුගේ ජටාව දැරීමටත් සහ රැවුල නොකපා සිටීමටත් ඔහුට අවසර ලැබුණි.
"ඔහු සිය ජටාව පැළඳ ගෙනයි සිටියේ. ඔහු තම ප්‍රජාව නියෝජනය කළේ අවංකව, ගෞරවයෙන් හා ආඩම්බරයෙන්" යැයි ෂෙරිෆ් එඩ් ගොන්සාලෙස් පැවසීය.
“ඔහු වීරයෙක්, ඔහු ප්‍රජාවේ ගෞරවනීය සාමාජිකයෙක් සහ ඔහු ට්‍රේල් බ්ලේසර් කෙනෙක්” යැයි හැරිස් ජනපදයේ ෂෙරිෆ් පැවසීය.
ධලිවාල්ට උපහාර දක්වමින් බොහෝ පිරිස් ඉටිපන්දම් දල්වමින්, ඒ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රසිද්ධ කරන ආකාරය දැකිය හැකි විය.