එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෝල්මාට් සුපිරි වෙළෙඳ සැලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් සිදුවූ සමූල ඝාතන සිදුවීමේ මරණ සංඛ්‍යාව 20 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
එල් පාසෝ නගරයේදී ඊයේ (03දා) සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් 26 දෙනෙතු තුවාල ලබා තිබුණු අතර, ඒ අතර බරපතළ තත්ත්වයේ පසුවන පිරිස් සිටින නිසා මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජනපද මෙක්සිකෝ දේශසීමාවට ඉතා ආසන්න නගරයක මෙම වෙඩි ප්‍රහාරය සිදුව තිබීමද විශේෂත්වයක් ගන්නා අතර, වෙඩි තැබීම සිදුකළ 21 හැවිරිදි පැට්‍රික් කෘස් නමැති තරුණයා පසුව පොලීසියට භාරවී තිබුණි.
ඔහු ඩලාස් හි ඇලෙන් නගරයේ ජීවත් වූවෙකු බවත්, ඔහුගේ පදිංචි ස්ථානය වෙඩි තැබීම සිදුවූ ස්ථානයට සැතපුම් 650ක් දුරින් පිහිටි ස්ථානයක් බවත් සඳහන් වෙයි.
ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් මෙම සිදුවූම ටෙක්සාස් ඉතිහාසයේ අතිශය ඛේදජනකම සිදුවීමක් ලෙස හුවා දක්වා තිබේ.