ටෙක්සාස් පාසල් ඝාතකයාගේ මානසික සෞඛ්‍ය පරීක්ෂාවක්


එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ උවාල්ඩේ හි පාසලක සිදුවූ වෙඩි තැබීමෙන් අඟහරුවාදා මිය ගිය ළමයින් 19දෙනා සහ ගුරුවරුන් දෙදෙනා ඇතුළු සියලුම වින්දිතයින් හඳුනාගෙන ඇති බව බලධාරීහු ප්‍රකාශ කළහ.

ගිම්හාන නිවාඩුවට දින දෙකකට පෙර රොබ් ප්‍රාථමික පාසලේ හතරවැනි ශ්‍රේණියේ පන්ති කාමරයක් තුළදී ඔවුන් වෙඩි තබා ඝාතනය කර ඇති බව ටෙක්සාස් මහජන ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ක්‍රිස් ඔලිවරෙස් පැවසීය.

වෙඩි තැබීමෙන් තවත් 17දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

සැල්වදෝර් රමෝස් ලෙස හඳුනාගෙන ඇති ප්‍රාදේශීය උසස් පාසල් සිසුවෙකු වන තුවක්කුකරු ප්‍රහාරයට මිනිත්තු කිහිපයකට පෙර ඔහුගේ සැලැස්ම ෆේස්බුක් හි බෙදාගෙන තිබේ. ඔහු එම ස්ථානයේදීම දේශසීමා මුර සංචාරයේ නිලධාරියෙකු විසින් මරා දමන ලද බව ඇබට් පැවසීය.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ 18 වැනි උපන්දිනය වෙනුවෙන් පසුගිය සතියේ උවල්ඩේ ප්‍රදේශයේ ෆෙඩරල් බලයලත් අලෙවි නියෝජිතයෙකුගෙන් රමෝස් නීත්‍යානුකූලව ප්‍රහාරක රයිෆල් දෙකක් සහ පතොරම් 375ක් මිලදී ගත් බවයි.

"ඔහුට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විට ඔහු කළ පළමු දෙය එයයි" උවාල්ඩේ නියෝජනය කරන ටෙක්සාස් ප්‍රාන්ත සෙනෙට් සභික රොනල්ඩ් ගුටිඑරෙස් පැවසීය. "ඔහුට එම ආයුධ වෙත ප්‍රවේශ වීමට ප්‍රශ්නයක් වුණේ නෑ."

පුද්ගලික පසුබිම් පරීක්ෂණයේදී ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන් තොරතුරු වීමසීමේදීද, හිරිහැරයට ලක් වූ හුදකලා පුද්ගලයෙකු හෝ අපරාධ හෝ දන්නා මානසික සෞඛ්‍ය ඉතිහාසයක් ඔහුට නොමැති බව කියවුණත්, එහි යම් මානසික ව්‍යාකූලත්වයක් පවතින්නට ඇති බව විශ්වාස කෙරෙයි.

"වෙනත් කෙනෙකුට වෙඩි තබන ඕනෑම කෙනෙකුට මානසික සෞඛ්‍ය අභියෝගයක්, කාලපරිච්ඡේදයක් තිබෙනවා. අපි රජයක් ලෙස එම මානසික සෞඛ්‍ය අභියෝගය ඉලක්ක කර ඒ ගැන යමක් කළ යුතු ක්‍රමයක් සොයා ගත යුතුයි" ඇබට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේ ගිනිඅවි මිලදී ගැනීමට වයස 18 ගැන සැලකිලිමත් වීම දෙගුණ කරමිනි.

උවාල්ඩේ ඛේදවාචකය යනු 2012 වසරේ කනෙක්ටිකට් හි සැන්ඩි හූක් සමූල ඝාතනයෙන් පසු පාසලක සිදුවූ මාරාන්තික වෙඩි තැබීම වන අතර, එහිදී වයස අවුරුදු 6 ත් 7 ත් අතර ළමයින් 20 ක් ඇතුළු 26 දෙනෙකුට මරු කැඳවීය.

එක්සත් ජනපදයේ ගැඹුරට මුල් බැස ඇති ගැටලුවක් වන ගිනිඅවි ප්‍රචණ්ඩත්වය නරක අතට හැරෙමින් පවතින බව වෙඩි තැබීමෙන් නැවත වරක් පෙන්නුම් කරන බව විශ්ලේෂකයෝ පවසති.



Recommended Articles