ටික්ටොක් තහනම් කිරීමට ඇමෙරිකාව ක්‍රියා කරනවාලු


එක්සත් ජනපදය ටික්ටොක් ඇතුළු චීන සමාජ මාධ්‍ය යෙදුම් තහනම් කිරීම පිළිබඳව සොයා බලමින් සිටින බව රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ පවසයි.

චීන සමාජ මාධ්‍ය යෙදුම් තහනම් කිරීම ගැන එක්සත් ජනපදය සලකා බලනවා දැයි ෆොක්ස් නිව්ස් හි ලෝරා ඉන්ග්‍රැහැම් සමග සම්මුඛ සාකච්ඡාවකදී පොම්පිඕ පවසා සිටියේ "අපි මෙය ඉතා බැරෑරුම් ලෙස සලකනවා" යනුවෙනි.

විශේෂයෙන් ටික්ටොක් චීන සමාජ මාධ්‍ය යෙදුම් තහනම් කිරීම ගැන එක්සත් ජනපදය සලකා බලනවා දැයි පොම්පිඕගෙන් විමසන විට ඔහු කියා සිටියේ,

"මිනිසුන්ගේ ජංගම දුරකථනවල චීන යෙදුම් සම්බන්ධයෙන්, එක්සත් ජනපදය නිවැරදි තීරණය ගනු ඇතැයි මට සහතික විය හැකියි."



Recommended Articles