ටැන්සානියා මගී ගුවන් යානයක් වික්ටෝරියා විලට කඩා වැටෙයි


මගී ගුවන් යානයක් ටැන්සානියාවේ වික්ටෝරියා විලට කඩා වැටී ඇති අතර, කුණාටු සහිත කාලගුණයක් තුළ බුකෝබා හි ලේක්සයිඩ් නගරයේ ගුවන් තොටුපළකට ගොඩබෑමට උත්සාහ කිරීමේදී මෙම අනතුරු සිදුව තිබේ.

මේ වනවිට පුද්ගලයින් 26දෙනෙකු බේරාගෙන ඇති නමුත් Precision Air ගුවන් යානයේ මගීන් කී දෙනෙක් සිටියාද යන්න හෝ අනතුරින් සිදුවූ මරණ පිළිබඳ නිශ්චිත තොරතුරු වාර්තා නොවේ.

ඩාර් එස් සලාම් අගනුවර සිට පිටත් වූ ගුවන් යානය "කුණාටු සහ අධික වර්ෂාව හේතුවෙන් අද උදෑසන වික්ටෝරියා විලට වැටී ඇති බව" විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අප්‍රිකාවේ විශාලතම විල වන වික්ටෝරියා විලෙහි ජල රේඛාවට ඉහළින් පෙනෙන්නේ එහි කොළ සහ දුඹුරු පැහැයෙන් යුතු වලිගය පමණක් වන අතර, සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ දර්ශන සහ පින්තූර ගුවන් යානය සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යටවී ඇති බව පෙන්නුම් කළේය.

ගලවා ගැනීමේ බෝට්ටු යොදවා ඇති අතර හදිසි සේවකයින් යානයේ සිරවී සිටින අනෙකුත් මගීන් බේරා ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිටින විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles