ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ අගමැති සීනොෆාම් විදගනී


ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ අගමැති කීත් රොව්ලිට චීනයේ නිෂ්පාදිත සීනොෆාම් කොවිඩ්-19 බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් බව එරට අගමැති කාර්යාලය නිවේදනය කරයි.

මේ අතර චීනය සිරියාවට කොවිඩ්-19 එන්නත් මාත්‍රා 500,000ක් පරිත්‍යාග කර තිබේ. සිරියානු සෞඛ්‍ය අමාත්‍ය හසන් මුහම්මද් අල්-ගබාෂ් සහ සිරියාවේ චීන තානාපති ෆෙන් බියාඕ සිරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති භාරදීමේ උත්සවයට සහභාගී වූහ.

"චීනය ලොව විශාලතම කොවිඩ්-19 එන්නත සපයන්නා වන අතර, ඒවායින් බොහොමයක් සිරියාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදී තිබෙනවා. චීනය දැනටමත් කොවිඩ්-19 එන්නත් මාත්‍රා 800,000ක් සිරියාවට ලබා දී ඇති අතර, ඒ අවශ්‍යතා තවදුරටත් සපයමින් ඉදිරියේදී තවත් මිලියනයක කොවිඩ්-19 එන්නත් මාත්‍රාවක් සිරියානු ජනතාවට ලබා දෙනු ඇති. ඒ අනුව කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට චීනය දිගටම සිරියාවට උදව් කරනවා" චීන තානාපතිවරයා පැවසීය.



Recommended Articles