ට්‍රම්ප්ව නැවත ට්විටර් වෙත ගෙනඒමට මස්ක් සූදානම්ලු


සමාගම අත්පත් කර ගැනීම අවසන් වූ පසුව, පසුගිය ජනවාරි 6දා එක්සත් ජනපද කැපිටල්හි කැරැල්ලෙන් පසු ට්විටර් වේදිකාවෙන් පිටුවහල් කරන ලද හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තහනම ඉවත් කරන බව ට්විටර් හි නව හිමිකරු එලෝන් මස්ක් පවසයි.

අඟහරුවාදා ෆිනෑන්ෂල් ටයිම්ස් හි ෆියුචර් ඔෆ් ද කාර් ඉසව්වේදී මස්ක් මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

"මම හිතන්නේ එය සදාචාරාත්මකව නරක තීරණයක් වගේම මෝඩ තීරණයක් බව පැහැදිලිව කිව යුතුයි." මස්ක් පැවසීය. එයින් ඔහුගේ හඬ නිහඬ කිරීමක් වෙනුවට දේශපාලන දක්ෂිණාංශිකයන් අතර ඔහුගේ හඬ විස්තාරණය කළ බව මස්ක් සඳහන් කළේය.

හිටපු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප්ව ට්විටර්, ෆේස්බුක්, යූ ටියුබ් මෙන්ම වෙනත් ප්‍රධාන ධාරාවේ සමාජ මාධ්‍ය වේදිකා තහනම් කරනු ලැබුවේ බලයේ සිටියදීම වීමද විශේෂත්වයකි. 



Recommended Articles