ට්‍රම්ප්ට වසංගතය හැසිරවීමට හැකි බව මට විශ්වාසයක් නෑ


ධවල මන්දිරයේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් කියා සිටියේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව කොරෝනා වසංගතය පාලනය කිරීම පිළිබඳව තමාට විශ්වාසයක් නොමැති බවයි.

ට්‍රම්ප් විසින් කොරෝනා වෛරස වසංගතය පාලනය කිරීම පිළිබඳව විශ්වාසයක් තිබේදැයි නැගුණු පැනයකට පිළිතුරු වශයෙන් බෝල්ටන් කියා සිටියේ, "මම එහෙම විශ්වාසයක් නෑ" යනුවෙනි.

එක්සත් ජනපද ෆෙඩරල් රජයෙන් මේ පිළිබඳ ස්ථාවර ප්‍රතිචාරයක් නොදැක්වූ බව පවසන බෝල්ටන්, වසංගතය වෙනුවෙන් ඔවුන්ට පුළුල් උපාය මාර්ගයක් නොවූ බවද කියයි.

බෝල්ටන් නිකුත් කිරීමට යන සිය නවතම කෘතිය හරහා ඇමෙරිකානු නායකයා දැඩි විවේචනයකට බඳුන්වන අනර, එම කෘතිය නිකුත් කිරීම වැළැක්වීමට ධවල මන්දිරය කටයුතු කරමින් සිටියත්, එය ප්‍රමාද වැඩි බව බෝල්ටන් පවසයි.

"මේ වසංගත ගැටළුව එළඹිය හැකි යැයි විශේෂඥන් සැබවින්ම වටහා ගැනීමට ආරම්භ කළ ජනවාරියේ සිට ප්‍රතිපත්තිවල අක්‍රමික ස්වභාවය අපේ ප්‍රතිචාරය පුරාම විදහා දැක්වී ඇති බව මා විශ්වාස කරනවා. එසේම එය දිගටම අපේ රටාව වනු ඇතැයි කියා මා කණගාටු වෙනවා. එය පුළුල් උපාය මාර්ගයක කොටසක් නොවෙයි. එක්සත් ජනපදය වගේ විශාල රටක, ප්‍රාන්තවලට සහ පළාත් පාලන ආයතනවලට විශාල කාර්යභාරයක් තිබිය යුතු යැයි මා සිතනවා. නමුත් ෆෙඩරල් මට්ටමින් ප්‍රතිචාරය ස්ථාවර වී නැහැ" බෝල්ටන් වැඩිදුරටත් පවසා සිටියේය.



Recommended Articles