හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඉදිරි සතිවලදී යළිත් සක්‍රීය කරන බව Meta සමාගම ප්‍රකාශ කර තිබේ.
එහිදී එම සමාජ මාධ්‍ය සමාගම බ්ලොග් සටහනක කියා සිටියේ, "කලින් වූ වැරදි වැළැක්වීම සඳහා නව ආරක්ෂක වැටවල් දමා ඇති" බවයි.
එක්සත් ජනපද කැපිටල් හි මාරාන්තික ප්‍රහාරයෙන් පසු වසර දෙකක කාලයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම සමාජ මාධ්‍ය ගිණුම් අත්හිටුවා තිබුණි.
"ට්‍රම්ප් තවදුරටත් අන්තර්ගතය උල්ලංඝනය කරමින් පොස්ට් පළ කළහොත්, එම අන්තර්ගතයන් ඉවත් කරනු ලබන අතර, උල්ලංඝනය කිරීමේ බරපතලකම අනුව මාසයක් සහ වසර දෙකක් අතර කාලයකට යළිත් ගිණුම් අත්හිටුවනු ඇති" යනුවෙන් Meta හි ගෝලීය කටයුතු පිළිබඳ සභාපති නික් ක්ලෙග් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, මීට පෙරද ලෝකයේ රාජ්‍ය නායකයන් Meta හි අන්තර්ගත නීති උල්ලංඝනය කර ඇතත් ට්‍රම්ප්ට සිදුවූ ආකාරයෙන් ඔවුන්ගේ ගිණුම් අත්හිටුවීමක් සිදුව නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, හිටපු ජනපති ට්‍රම්ප් 2024 දී ධවල මන්දිරයට යළිත් තරඟයක් කරන බව නොවැම්බරයේ නිවේදනය කළේය. ට්‍රම්ප්ට ෆේස්බුක් හි මිලියන 34ක සහ ඉන්ස්ටග්‍රෑම් හි මිලියන 23ක අනුගාමිකයින් සිටියහ.