එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත්ව ඇති ප්‍රථම දෝෂාභියෝග නඩු විභාගය සඳහා දෙසැම්බර් 04දා සහභාගී වන ලෙස කොංග්‍රසය ඔහුට ආරාධනා කර තිබේ.
පාර්ලිමේන්තු අධිකරණ කමිටුවේ ඩිමොක්‍රටික් සභාපති ජෙරොල්ඩ් නඩ්ලර් පැවසුවේ ට්‍රම්ප් මීට සහභාගී වීමට හෝ “ක්‍රියාවලිය ගැන පැමිණිලි කිරීම නැවැත්වීමට” හැකි බවයි.
යම් ලෙසකින් ජනාධිපතිවයා ඊට සහභාගී වුවහොත් ඔහුට ඒ වෙත පැමිණෙන සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට හැකි වනු ඇත.
ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර ජූලි මාසයේදී ලබාදුන් දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් දෝෂාභියෝග පරීක්ෂණයේ ඊළඟ අදියර සනිටුහන් වනු ඇත.
එම ඇමතුමේදී ජනාධිපති ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කිගෙන් ඉල්ලා සිට ඇත්තේ, ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස ඉදිරියෙන් සිටින ජෝ බයිඩන් සහ මීට පෙර යුක්‍රේන බලශක්ති සමාගමක් වන බුරිස්මා හි සේවය කළ ඔහුගේ පුත් හන්ටර් බයිඩන් ගැන සොයා බලන ලෙසයි.
එහිදී, ට්‍රම්ප් විසින් එක්සත් ජනපද ආරක්ෂක ආධාර අත්හිටුවීමේ තර්ජනය යුක්‍රේනයට බලපෑම් කිරීම සඳහා යොදා ගත්තේද යන්න පිළිබඳව සොයා බලමින් සිටින අතර, ජනාධිපතිවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින්, මෙම දෝෂාභියෝග පරීක්ෂණය “මායා දඩයම” ලෙස නම් කර තිබේ.