රුසියාව සමග ගැටුම සාමකාමීව විසඳා නොගතහොත් යුක්රේනය සිතියමෙන් අතුරුදන් විය හැකි බව හිටපු ට්‍රම්ප් හමුදා උපදේශක කර්නල් ඩග්ලස් මැක්ග්‍රෙගර් ස්කයි නිව්ස් ඔස්ට්‍රේලියාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
දැනට පවතින හමුදා ගැටුමේදී යුක්රේනයට උපකාර කිරීම සඳහා තවත් කුමක් කළ හැකිදැයි ඇසූ විට, මැක්ග්‍රෙගෝර් ප්‍රකාශ කළේ, "මෙය තවදුරටත් පවතින විට, වැඩි වැඩියෙන් මිනිසුන් අනවශ්‍ය ලෙස ඝාතනය වේවි. යුක්රේනයට වැඩි හානියක් සිදුවීම ඒකාන්තයි. ඵලදායී ලෙස අසාර්ථක තත්වයක්, එය සිතියමෙන් සම්පූර්ණයෙන්ම මකා දැමිය හැකියි." යනුවෙනි.
ගැටුම අතරතුර යුක්රේනයේ හමුදාවන්ට දැවැන්ත පාඩු සිදුවී ඇති බවත්, රුසියානු හමුදාවන්ට මේ අවස්ථාවේ දී කිසි ලෙසකින්වත් දැනෙන පාඩුවක් හෝ රිදවීමක් සිදුවී නැති බවත් සඳහන් කරමින් මැක්ග්‍රෙගෝර් තර්ක කළේ "අපට සටන් විරාමයක් අවශ්‍යයි" යනුවෙනි. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව වැනි රටවල් ඊට විරුද්ධව නොසිට, ඒ සඳහා බල කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
"තවදුරටත් යුක්රේන ජාතිකයන් ඉතිරි නොවන තුරු අපට මෙයට එරෙහිව සටන් කිරීමට හැකියාවක් නැහැ" ඔහු අවධාරණයය කළේ, මොස්කව් සහ කියෙව් පාලකයන් අතර සටන් විරාමයක් සඳහා වැඩෙන සහයෝගයක් හෝ යම් ආකාරයකට පැමිණිය යුතු බවට බර්ලින්, පැරිස් සහ ලන්ඩනයේ ජනතාවගෙන් තමා අසා ඇති බවයි.