එක්සත් ජනපද නායක ඩොනල්ඩ් ට්‍රම්ප් මෙක්සිකෝව සමග ඇති කරගැනීමට යන සංක්‍රමණික යෝජනාව පිළිබඳ රහස් ලියවිල්ලක් බැරිවීමකින් මාධ්‍ය වෙත හෙළිදරුව් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජනාධිපතිවරයා මෙම ලියවිල්ල මාධ්‍ය ඉදිරියේ පෙන්වමින් එහි රහසිගත කරුණු අඩංගු බව පවසමින් එය ලෙලවා ඇති අතර, මාධ්‍යයේ උකුසු ඇසට එය ග්‍රහණය වී ඇත.
එහිදී, බොහෝ මාධ්‍ය ආයතන පවසා ඇත්තේ ඔවුන්ගේ කැමරා ඇසට එහි කරුණු පැහැදිලිව වටහා ගැනීමට හැකි වූ බවයි.
ඒ අනුව, එම ලියැවිල්ලෙහි මෙක්සිකෝව තෙවැනි ආරක්ෂිත රාජ්‍යයක් ලෙස සඳහන් කර තිබී ඇති අතර, ඉන් හැඟවෙන්නේ එක්සත් ජනපදය වෙත දේශපාලන රැකවරණ පතා පැමිණෙන සංක්‍රමණිකයන් මෙක්සිකෝව වෙත පිටුවහල් කරන බවය.