එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව මැද පෙරදිග සාම සැලැස්ම කුමන්ත්‍රණයක් ලෙස පලස්තීනුවන් බැහැර කර තිබේ.
මෙම සැලැස්ම පලස්තීන රාජ්‍යයේ අපේක්ෂා ඉවතලන අතර බටහිර ඉවුරේ ජනාවාස කෙරෙහි ඊශ්‍රායල ස්වෛරීභාවය පිළිගැනීමක් බව ඔවුන් කියයි.
ට්‍රම්ප් කියා සිටියේ ජෙරුසලම ඊශ්‍රායලයේ නොබෙදුණු අගනගරය ලෙස පවතිනු ඇති නමුත් පලස්තීන අගනුවරට නැගෙනහිර ජෙරුසලමේ ප්‍රදේශ ඇතුළත් වනු ඇති බවයි.
අඟහරුවාදා නිවේදනයට ප්‍රතිචාර දක්වමින් පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් කියා සිටියේ ජෙරුසලම විකිණීම සඳහා වූ ස්ථානයක් නොවන බවයි.
"අපගේ සියලු අයිතිවාසිකම් විකිණීම සඳහා නොවෙයි. ඒවා කේවල් කිරීම සඳහාත් නොවෙයි. මේ කුමන්ත්‍රණ ගනුදෙනුව සම්මත වන්නේ නෑ” අබ්බාස් කියයි.
පලස්තීන විරෝධතාකරුවන් දහස් ගණනක් අඟහරුවාදා ගාසා තීරයේ මෙම තීරණයට එරෙහිව විරෝධතාවක් පළ කර තිබුණි.