ට්‍රම්ප්ගේ දේශපාලන රැලි භයානක පියවරක් වේවිලු


නව කොරෝනා වසංගතය හේතුවෙන් සිය මැතිවරණ ප්‍රචාරක මාවතෙන් මාස ගණනක් මෑත්වී සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එලැඹෙන සෙනසුරාදා ඔක්ලහෝමා හි සිය ආධාරකරුවන් පෙළගස්වමින් දැවැන්ත රැළියක් සංවිධානය කිරීමට සූදානම් වන්නේ රට තවමත් වෛරසය ගිලගෙන ඇති පසුබිමකය.

එක්සත් ජනපදයේ සෞඛ්‍ය විශේෂඥයන් මෙම තීරණය ගැන ප්‍රශ්න කරන අතර, ජනතාව අතර ආසාදන පැතිරීමේ අවදානම සහ මිනිසුන් නැවත සිය නිවෙස් කරා යනවිට වෛරසය රැගෙන ගොස් යළිත් එය පැතිරවීමේ අවදානම ඔවුහු පෙන්වා දෙති.

හාවඩ් හි ගෝලීය සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අෂිෂ් ජා, එලැඹෙන ට්‍රම්ප් රැලිය හැඳින්වූයේ "සහභාගී වන පුද්ගලයන්ට සහ ඔවුන් දන්නා සහ ඔවුන්ට ආදරය කරන සහ පසුව ඔවුන්ව හමුවන පුද්ගලයන් සඳහා අතිශය භයානක පියවරක්" යනුවෙනි.



Recommended Articles