කොවිඩ්-19 ව්‍යාජ තොරතුරු නීති කඩකිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ eTeamTrump ගිණුම විසින් පළ කරන ලද වීඩියෝවක් ට්විටර් සඟවා ඇති අතර, ෆේස්බුක් විසින් පළමු වරට ට්‍රම්ප් විසින් පළ කරන ලද ලිපියක් මකාදමා තිබේ.
ට්‍රම්ප් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් අතරතුර වූ වීඩියෝවක් මෙම පෝස්ටුවේ ඇතුළත් අතර, ට්‍රම්ප් කියා සිටියේ ළමයින්ට කොවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය ඇති බවයි.
කෙසේ වෙතත් ඇමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසා ඇත්තේ කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් බහුතරයක් වැඩිහිටියන් වුවත්, සමහර ළමයින් සහ ළදරුවන්ද මෙම රෝගයෙන් පෙළෙන බවත් එය අනෙක් අයටද සම්ප්‍රේෂණය කළ හැකි බවත්ය.
ට්විටර් ප්‍රකාශකයෙකු රොයිටර් පුවත් සේවයට පැවසුවේ @TeamTrump ගිණුම් හිමිකරු විසින් එම පෝස්ටුව නැවත ට්වීට් කිරීමට පෙර ඉවත් කළ යුතු බවය.
මේ අතර නව කොරෝනා වෛරසය පිළිබඳ වැරදි තොරතුරු පතුරුවා හැරීමට එරෙහිව සිය ප්‍රතිපත්තිය උල්ලංඝනය කළ බව කියමින් ෆේස්බුක් විසින් ප්‍රථම වරට ට්‍රම්ප් විසින් පළ කරන ලද ලිපියක් මකා දැමීය.