ට්‍රම්ප් සහ කිම් ඓතිහාසික දෙවැනි සාකච්ඡාව සඳහා පිටත්ව පැමිණේ


ඇමෙරිකානු හා උතුරු කොරියානු සමුළුවට පැමිණෙන ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගත් රථ පෙළ ජේ.ඩබ්. මැරියොට් හෝටලයෙන් පිටත්ව ගිය අතර, කිම් ජොන්ග්-උන් රැගත් රථ පෙළද දැඩි රැකවල් මධ්‍යයේ පිටත්ව ගියේය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ඓතිහාසික හමුවේ ප්‍රධාන සමුළුව හැනෝයි නුවර මෙට්‍රොපෝල් හෝටලයේදී පැවැත්වෙයි.

ඒ අනුව, නායක දෙපළ කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටිකහරණය ඇතුළු බොහෝ කාරණා සාකච්ඡාවට බඳුන් කරමින් අද දවසේ වැඩි කාලයක් කටයුතු කරනු ඇති අතර, දිනය අවසන් භාගයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමක්ද සිදුවනු ඇති බව කියැවෙයි.



Recommended Articles