හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිගුකාලීන ගිණුම්කරණ සමාගම පසුගිය සතියේ ට්‍රම්ප් සංවිධානයට දන්වා සිටියේ, පසුගිය වසර 10කට ආසන්නව සමාගම් සමූහයේ මූල්‍ය ප්‍රකාශන මත තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බැවින්, ඔවුන් තවදුරටත් ට්‍රම්ප් සංවිධානයේ ගණකාධිකාරීවරුන් නොවන බවත්ය.
"අපි මේ නිගමනයට පැමිණ ඇත්තේ 2022 ජනවාරි 18 වැනි දින නිව්යෝක් නීතිපතිවරයා විසින් කරන ලද ගොනු කිරීම්, අපගේම විමර්ශනය සහ අභ්‍යන්තර හා බාහිර මූලාශ්‍රවලින් ලැබුණු තොරතුරු මත පදනම්වයි" මැසාර්ස් ගිණුම්කරණ සමාගම ට්‍රම්ප් සංවිධානයේ ප්‍රධාන නීති නිලධාරියාට ලිපියක් මගින් දන්වා ඇත.
ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපදයේ බලයේ සිටින කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු එකිනෙක නිරාවරණය වෙමින් පවතින අතර, බදු වංචා ඇතුළු බොහෝ ගසාකෑම් ඔහුගේ පාලන සමයේ සිදුව ඇති බව කියැවෙයි.