නව කොරෝනා වෛරසය ආසාදිතව වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන ඩොනල්ඩ් ට්‍රම්ප්, වෛරසය බැරෑරුම් ලෙස නොගෙන මෝටර් රථයක නැගී රෝහල වටා සිටි සිය ආධාරකරුවන්ට ආචාර කිරීමට ගොස් තිබේ.
වෛසය සඳහා ප්‍රතිකාර ලබන අතරතුර ජනාධිපතිවරයා සිය ආරක්ෂකයන්ද කැටුව SUV රථයක නැගී ගමන් කිරීම බොහෝ වෛද්‍ය විශේෂඥයන්ගේ විවේචනයට බඳුන් වී ඇත.
ට්‍රම්ප් සිය SUV රථයේ පිටුපස මුඛ ආවරණයක් පැලඳ එහි ජනේලයෙන් තම ආධාරකරුවන් වෙත අත වනමින් ගිය කෙටි ගමන, ජනාධිපතිවරයා විසින්ම සිය කාර්ය මණ්ඩලය පවා අනතුරේ හෙළීමක් බව කියයි.
ඔහුගේ එම හැසිරීමෙන් අතිශය ඉහළ බෝවීමේ හැකියාවකින් යුතු හා මාරාන්තික රෝගයක බරපතලකම වටහාගෙන ඇති බවක් නොපෙන්වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.