ට්‍රම්ප් මුල් මැතිවරණ රැලියේ සාමාජිකයන්ටත් කොරෝනා


ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුල්ම මැතිවරණ රැලිය ලෙස ඔක්ලහෝමා ප්‍රාන්තයේ, ටුල්සා හි පැවති රැලියට සහභාගී වූ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකුටත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

ට්‍රම්ප්ගේ ප්‍රචාරක සන්නිවේදන අධ්‍යක්ෂ ටිම් මොර්ටෝ මෙම පුවත සනාථ කර ඇති අතර, ඔහු පවසා තිබුණේ තම කණ්ඩායමේ සාමාජිකයන් මුඛ ආවරණ පවා පැළඳ සිටි බවයි.

ඒ අනුව ඔවුන්ගේ සම්බන්ධතා සොයාගැනීම සමග ඔවුන් නිරෝධායනයට යොමුකර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

රැලියට සහභාගී වූ මෙම කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා රැලියට ප්‍රථම මීට පෙර වාර්තා වූ කාර්ය මණ්ඩල සාමාජිකයන් හය දෙනාට අමතරව කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව තහවුරු වූ දෙදෙනකි.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම පළමු මැතිවරණ රැලියට ඔහු බලාපාරොත්තු වූ ආකාරයෙන් ජන සහභාගීත්වයක් නෙතිබුණු අතර, බොහෝ දෙනා මුඛ ආවරණයක් හෝ පැළඳ නොසිටීමෙන් මෙය වෛරසය ව්‍යාප්ත කරන තිඹිරි ගෙයක් වනු ඇති බවට බොහෝ සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබුණි. 



Recommended Articles