ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුඛ ආවරණයක් පැලඳුවහොත් එය වෛරසය පාලනය කරගැනීමට උදව්වක් විය හැකි බව එරට සෞඛ්‍ය, අධ්‍යාපනය, කම්කරු හා විශ්‍රාම වැටුප් පිළිබඳ කමිටුවේ මුලසුන හොබවන ජ්‍යෙෂ්ඨ රිපබ්ලිකන් සෙනට් සභික ලැමර් ඇලෙක්සැන්ඩර් කියයි.
"මුඛ ආවරණයක් පැලඳීම වැදගත් නම් සහ 2020 වර්ෂය පුරා වසංගතය පවතිනු ඇති බව සියලුම සෞඛ්‍ය විශේෂඥයන් අපට පවසා සිටින්නේ නම්, මහජන හමුවලදී වරින් වර ජනාධිපතිවරයා මුඛ ආවරණයක් පැලඳ සිටියොත්, මේ දේශපාලන විවාදයෙන් මිදී වෛරසය පාලනය කරගැනීමට අපට උදව්වක් වේවි. නමුත් දැන් සිදුවන්නේ ට්‍රම්ප් වෙනුවෙන් පිරිසක් මුඛ ආවරණ පලඳින්නේ නැහැ. තවත් පිරිසක් ට්‍රම්ප්ට විරුද්ධ නිසා මුඛ ආවරණ පලඳිනවා."
පරීක්ෂණය මන්දගාමී කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශයද ඇතුළුව, හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ආදී ඔහුගේ අතීත ප්‍රකාශයන් සැලකිල්ලට ගෙන ඇමරිකානු ජනතාව මහජන සෞඛ්‍ය උපදෙස් සඳහා ජනාධිපතිවරයා වෙත යොමු විය යුතුදැයි විමසූ විට සෙනෙට් සභිකයා කියා සිටියේ මහජනතාව වෛද්‍ය විශේෂඥයන්ට ඇහුම්කන් දිය යුතු බවයි.
"ජනාධිපතිවරයාට සහ අනෙක් දේශපාලන නායකයන්ට මා කළ යෝජනාව වෛද්‍යවරුන්ට වෛද්‍ය විද්‍යාව ගැන කතා කිරීමට ඉඩ දීමයි. ජනතාව ඔවුන්ව විශ්වාස කරනවා" ඇලෙක්සැන්ඩර් වැඩිදුරටත් පැවසීය.