ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනපතිවරණ ව්‍යාපාරයේ විවාදාත්මක ප්‍රථම ජන රැලියට මුඛ ආවරණයක් හෝ නොපැළඳ ගොඩවී තිබේ.
ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා හි පැවති මෙම රැලිය වෙත ට්‍රම්ප් සිතූ තරම් පිරී ඉතිරී යන ජන සහභාගීත්වයක් නොමැති බවද ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙයි.
ට්‍රම්ප් පසුගිය සිකුරාදා කියා සිටියේද තමන් මුඛ ආවරණයක් නොමැතිව රැලියට සහභාගී වන බවය. "විරෝධතාවක් ලෙස නොවෙයි. මට අනතුරක් ඇතැයි මට හැඟෙන්නේ නැහැ." ඔහුගේ පිළිතුර විය.
එහිදී මුඛ ආවරණයක් පැළඳීම පිළිබඳව රැලියට සහභාගී වන ජනතාව තමන්ගේ තීරණයක් ගැනීමට අවශ්‍ය බව පැවසූ ට්‍රම්ප්, "ජනතාවට ඔවුන්ට අවශ්‍ය දේ කිරීමට මා නිර්දේශ කරනවා" යැයි පැවසීය.
මේ අතර ටුල්සා රැලියේ ප්‍රචාරක කාර්ය මණ්ඩලයේ සේවකයින් හය දෙනෙකු නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති අතර, ඔවුන් නිරෝධායනයට යොමුකර තිබේ.
ඒ අනුව ඔවුන්ට සම්බන්ධ කිසිවෙකු රැලිය සඳහා සහභාගී කර නොගන්නා බව ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය කියා සිටියත්, එහි වැඩකරන අය අතර ඇතමුන් මුඛ ආවරණ මෙන්ම මුහුණ ආවරණද පැලඳ සිටි අය කිහිප දෙනෙකු හැරෙන්නට බහුතරයට මුඛ ආවරණයක් හෝ නොතිබූ බවද කියැවෙයි.
රැලියට පෙර බ්ලැක් ලයිව්ස් මැටර් උද්ඝෝෂණයක්ද පැවැත්වී තිබූ අතර, ට්‍රම්ප් පෙරේදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තරමක් වෙනස් ආකාරයේ තර්ජනයක් ඔවුන් වෙත කර තිබුණේ මෙසේය.
"ඔක්ලහෝමා යන ඕනෑම විරෝධතාකරුවන්, අරාජකවාදීන්, උද්ඝෝෂකයන්, කොල්ලකරුවන් හෝ පහත් අය කරුණාකර තේරුම් ගන්න, ඔබ නිව්යෝක්, සියැටල් හෝ මින්නෙපොලිස් හි මෙන් ඔබට සලකන්නේ නැහැ. එය වඩා වෙනස් දර්ශනයක් වනු ඇති" යනුවෙනි. කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය මෙම ප්‍රකාශය ට්‍රම්ප් මෘදු අදහසකින් පවසා ඇත්තක් බව කීමට ඊයේ උත්සාහ කර තිබුණි.
මේ කෙසේ වෙතත් වෛරස් පැතිරීම වැළැක්වීම ඉහළ මහජන සෞඛ්‍ය නිලධාරීන් දිගින් දිගටම අවධාරණය කරන වැදගත් පියවර දෙකක් වන සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම හෝ මුඛ ආවරණයක් පැලඳීම ට්‍රම්ප්ගේ දේශපාලන රැලි ආරම්භයේදීම දැකගත නොහැකි වීම කනගාටුවට කරුණක් බවත්, ඉදිරියේදී ඇමෙරිකාවේ වසංගත බිය තවදුරටත් ඉහළ යනු ඇති බවටත් විශේෂඥයන් අනතුරු අඟවති.