හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ මිත්රයෙකු වන පෙන්සිල්වේනියාවේ රිපබ්ලිකන් කොංග්රස් සභික ස්කොට් පෙරීගේ ජංගම දුරකථනය FBI භාරයට ගෙන තිබේ.
ෆොක්ස් නිව්ස් වෙත පැවසුවේ ඔහු පෙර දින තම පවුලේ අය සමඟ ගමන් කරමින් සිටියදී FBI නියෝජිතයන් විසින් ඔහුගේ ජංගම දුරකථනය සිය භාරයට ගත් බවයි.
මීට පෙර FBI නියෝජිතයන් හිටපු ජනපති ට්රම්ප්ගේ ෆ්ලොරීඩා හි පිහිටි නිවස වටලමින් එයට ඇතුළු වී තිබුණි. එහිදී ඔවුන් ට්රම්ප්ගේ සේප්පුව පවා විවෘත කරමින් රහස්ය ලියකියවිලි කිහිපයක් සොයා බලා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ට්රම්ප් 2024 ඇමෙරිකානු ජනාධිපතිවරණයට යළි ඉදිරිපත්වීමේ සූදානම සමග ඔහු වෙත මෙම බලපෑම් සිදුවන බවත්, මෙය ඇමෙරිකාවට ප්රජාතන්ත්රවාදයේ අඳුරු යුගයක් බවත් ට්රම්ප් පවසා තිබුණි.