එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය විවේචනය කළ ඊමේල් පණිවුඩ කිහිපයක් හෙළිවීම හේතුවෙන් එරට බ්‍රිතාන්‍ය තානාපති සර් කිම් ඩිරාක් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මහ මෝඩ මිනිහෙක් යැයි තානාපතිවරයා සඳහන් කර ඇති අතර, ඔහුගේ පාලනයද අදක්ෂ හා මෝඩ පාලනයක් බව ඔහුගේ ඊමේල් පිණිවුඩවලින් හෙළි වී ඇත.
කෙසේ වෙතත්, තානාපති කාර්යාලයේ රාජකාරී ඊමේල් පණිවුඩ පිටතට නිරාවණය වීමත් සමග තමන්ට තවදුරටත් තානාපති ධුරයේ රැඳී සිටීමේ හැකියාව සම්බන්ධයෙන් විවිධ සැකසංකා මතුවූ බව පවසන ඔහු, මේ සැකසංකාවලට අවසානයක් ලබාදෙමින් තමන් ධුරයෙන් ඉවත් වන බව සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, ඔහුගේ ඊමේල් පණිවුඩ මේ ආකාරයෙන් නිරාවරණය වීම මහත් දුෂ්ඨ ක්‍රියාවක් සේ සලකන බ්‍රිතාන්‍ය ඔහු රාජ්‍යතාන්ත්‍රික සේවයේ ඉතා දක්ෂ නිලධාරියෙකු බව කියා සිටියි.