ට්‍රම්ප් බ්‍රිතාන්‍ය වෙත ළඟා වෙමින් නගර රැසක් විරෝධතා සූදානමින්


ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තෙදින නිල සංචාරයක් සඳහා අද (03දා) උදෑසන බ්‍රිතාන්‍ය වෙත ළඟා වීමට නියමිතය.

ලන්ඩනයේ වේලාවෙන් අද පෙ.ව. 9.00ට ජනාධිපතිවරයා සහ ජනපති ආර්යාව රැගත් එයාර්ෆෝස් වන් ගුවන් යානය ස්ටෑන්ස්ටෙඩ් ගුවන් තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතය.

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින විසින් අද රාත්‍රියේ බකිංහැම් මාලිගයේදී ඇමෙරිකානු නායකයාට සහ ආර්යාවට රාජකීය භෝජන සංග්‍රහයක් සංවිධානය කර ඇති බවද වාර්තා වෙයි.

මේ අතර, අමෙරිකානු ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පාමින් ලන්ඩනය, මැන්චෙස්ටර්, බෙල්ෆාස්ට්, බර්මින්ග්හැම් සහ නොටින්ග්හැම් යන නගරවල දැවැන්ත උද්ඝෝෂණ මාලාවක්ද සංවිධානය වී ඇති බව සඳහන් වෙයි.

බ්‍රිතාන්‍යයට ළඟාවීමෙන් පසුව ඔහු අද වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සංචාරයක් වෙත යන ට්‍රම්ප්, ක්ලැරන්ස් හවුස් හිදී චාල්ස් කුමරා සහ කැමිලා පාකර් හමුවීමට නියමිතය.



Recommended Articles