ට්‍රම්ප් පරිපාලනය කොවිඩ් දෙවැනි රැල්ලකට සූදානම් වෙමින් සිටින බව පවසයි


කොවිඩ්-19 වෛරසයේ දෙවැනි රැල්ලක් ඇතිවීමේ හැකියාව සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය මේ වනවිටත් ඊට සූදානම් වෙමින් සිටින බව ධවල මන්දිරයේ වෙළෙඳ උපදේශක පීටර් නවරෝ කියා සිටියි.

"මෙසේ යළිත් කඩා පාත්විය හැකි අවදානමක් අපේක්ෂා කරමින් පරිපාලනය විසින් අවශ්‍ය තොග පිරවීම සිදුකරනවා. මතුපිටට යටින් අපට හැකි සෑම දෙයක්ම අප කරමින් සිටිනවා. එය හැකිතරම් වෙහෙස මහන්සි වී සිදුකරනවා." නවරෝ පවසා සිටියේය.

"ඔබ සූදානම් වන්නේ සිදුවිය හැකි දෙයක් සඳහායි. එය සිදුවනු ඇතැයි කියා මා නොකීවත්, සැබවින්ම ඔබ සූදානම් වීම අතශව්‍යයයි." නවාරෝ පැවසුවේ දෙවැනි රැල්ලක් ඇතිවීමේ අවස්ථාව අවතක්සේරු නොකරමිනි.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයකම තරුණ ප්‍රජාව අතර යළිත් වෛරසය පැතිරයාමේ අවදානමක් ගැනද වාර්තා වූ අතර, ජනාධිපතිවරයාගේ ටුල්සා හි දේශපාලන රැලියද වෛරසයට වඩාත් හොඳ අභිජනන භූමියක් වූ බවටද දැඩි චෝදනා පවතී.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,279,306ක් වන අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව 120,000ක සීමාවට පැමිණ තිබේ.



Recommended Articles