නිවසින් බැහැරට යනවිට අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පැළඳීමෙන් එකිනෙකා ආරක්ෂා වීමට කටයුතු කරන්න යැයි ඇමෙරිකානු ජනපති දියණිය ඉවන්කා ට්‍රම්ප් එරට ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නව සතියක් ඇරඹෙන මොහොතේ ඇමෙරිකානු රෝග නිවාරණ හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ උපදෙස් අනුගමනය කිරීමේ වැදගත්කම ඉස්මතු කරමින් ඇය සිය ට්විටර් ගිණුමක මෙම සටහන තබා ඇත.
එමෙන්ම තමාටම මුඛ ආවරණයක් සාදා ගැනීම සඳහා උපදෙස් අන්තර්ජාලය හරහා සොයාගත හැකි බව පවසන ඇය, තමා දියණිය ඇරබෙලාගේ මුඛ ආවරණය තමා විසින්ම මැසූ බවත්, තමාගේ මුඛ ආවරණය දියණිය විසින් මසාදුන් බවත් කියයි. එමෙන්ම ඒ මත USA යන අකුරු මැසුවේද ඇරබෙලා බව ඇය එම ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් කියා සිටියි.
ඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාදිතයන් 555,398ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇති අතර, නිව්යෝක් නගරයේ පමණක් 100,000ක් ඉක්මවා වාර්තා වෙයි. එරටින් වාර්තා වන කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 22,073කි.