ට්‍රම්ප් තෙවැනි වරටත් ධවල මන්දිරයට ඇතුළු වීමට යයි


ජනාධිපති ජෝ බයිඩන් එක්සත් ජනපදය “ලැජ්ජාවට, නින්දාවට සහ දුර්වල කර ඇති” බව පවසමින්, හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට තරඟ කරන බව ප්‍රකාශ කර කරමින්, තමා රටට "අභිමානය" සහ "ශ්‍රේෂ්ඨත්වය" ගෙන එන බවට ප්‍රතිඥා දී තිබේ.

අඟහරුවාදා රාත්‍රියේ ෆ්ලොරිඩාවේ පාම් බීච් හි පිහිටි ඔහුගේ මාර්-ඒ-ලාගෝ නිවාඩු නිකේතනයේ පිරී ඉතිරී ගිය ආධාරකරුවන් අමතමින් ට්‍රම්ප්, ඇමෙරිකාවේ පරිහානියට බයිඩන් සහ ඩිමොක්‍රටික් පක්ෂය වගකිව යුතු බව පවසමින්, පුරවැසියන් සහ ජාතිය විශාල වශයෙන් මුහුණදෙන ගැටලු ලැයිස්තුවක් ගෙනහැර දක්වා තිබේ.

“ඇමෙරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ සහ අභිමානවත් ජාතියක් බවට පත්කිරීමට මම අද රාත්‍රියේ එක්සත් ජනපදයේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කරනවා” ට්‍රම්ප් පැවසුවේ ආධාරකරුවන්ගේ ප්‍රීති ඝෝෂාව මැදය. "ජෝ බයිඩන්ට තවත් වසර හතරක් නොලැබෙන බව මා සහතික කර කියනවා."



Recommended Articles