ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුතුගේ පෙම්වතිය කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් සමග පෙම් සබඳතාවක් පවත්වන හිටපු ෆොක්ස් නිවුස් නාලිකාවේ නිවේදිකාවක වන කිම්බර්ලි ගිල්ෆොයිල්, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ජූලි 4දා නිදහස් දින කතාව සහ රෂ්මෝර් කඳුකරයේ පැවැත්වෙන ගිනිකෙළි සංදර්ශනය නැරඹීමට සවුත් ඩැකෝටාවට ගිය අවස්ථාවේදී මෙම අනාවරණය සිදුව ඇත.
ජනාධිපතිවරයා ළඟින් ඇසුරු කරන පුද්ගලයන්ගේ කොරෝනා පරීක්ෂාවන්හිදී මෙම සොයාගැනීම සිදුව ඇති අතර, ඒ සමගම ඇයව හුදකලා කිරීමට කටයුතු කර ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.