ඉරානයේ හිටපු හමුදා ප්‍රධානියෙකු වූ ඛාසිම් සොලෙයිමනී ඝාතනයට පළිගැනීමක් ලෙස ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සහ එවකට ඉහළ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු මරා දැමීමට ඉරානය තවමත් පිඹුරුපත් සකසමින් සිටියි.
ඉරානයේ හමුදා ජෙනරාල්වරයෙකු නවතම කෘස් මිසයිලයක් එළිදක්වමින් මෙම අනාවරණය සිදුකර ඇති අතර, මෙම මිසයිලය කිලෝමීටර් 1,650ක් දුර ගමන් කළ හැකි මිසයිලයකි.
"අප විශ්වාස කරන්නේ අපට ට්‍රම්ප් මරා දැමීමට පුළුවන්. ඒ වගේම පොම්පෙඕ සහ හමුදා විධානයන් ලබාදුන් ප්‍රධානීන්ද අපේ ඉලක්කය වෙනවා" හෙතෙම සඳහන් කළේය.
2020 ජනවාරි 03දා එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් සොලෙයිමනී ඝාතනය කෙරුණේ ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩයේ ගමන් කරමින් සිටියදීය.