තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසා සිටින අතර, මීට එරෙහිව වීදි බසින ලෙස ඔහු සිය ආධාරකරුවන්ට පවසා තිබේ.
වැඩිහිටි චිත්රපට නිළියක වෙත සිය නිහඬතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ට්රම්ප් සිදුකළේ යැයි කියන ගෙවීමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට යන බව කියයි.
කෙසේ වෙතත්, අතිශය දූෂිත සහ අතිශය දේශපාලනීකරණය වූ මෑන්හැට්න් දිස්ත්රික් අධිකරණ කාර්යාලයෙන් මෙම තොරතුර අනාවරණය කරගත් බවද ට්රම්ප් පවසා සිටියි.
2024 දී යළිත් වරක් ට්රම්ප් රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් තරග වදින අතර, මෙම අවස්ථාව වැළැක්වීමට හා ඔහු යටපත් කිරීමට ට්රම්ප්ට එරෙහි චෝදනා නැගෙන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.