ට්‍රම්ප් WHO එපා කීවත් ඔහුගේ ප්‍රධාන වෛද්‍යතුමා එය අගයයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි ලෝක සෞඛ්‍ය සංවිධානයට සහයෝගය පළ කළ නමුත් ඔහුගේ ජනාධිපති ට්‍රම්ප් එම සංවිධානය සමග සබඳතා බිඳ දමමින් සිටින බවට කළ ප්‍රකාශය විවේචනය කිරීම ප්‍රතික්ෂේප කළේය.

"මම දැන් දශක හතරක් තිස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග කටයුතු කරමින් සිටිනවා. මා සමග කටයුතු කළ සහ දිගටම කරගෙන යන සගයන් ගණනාවක් සිටිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග මට හොඳ සම්බන්ධතාවයක් තිබෙනවා" යැයි ෆවුසි සීබීසීයට පැවසීය.

"ලෝක සෞඛ්‍ය සංවිධානය යනු සර්ව සම්පූර්ණම සංවිධානයක් නොවෙයි. ඔවුනුත් නිසැකවම යම් යම් වැරදිසහගත දේ සිදුකර තිබෙනවා. නමුත් ඒ සංවිධානයද බොහෝ යහපත් දේ සිදුකර තිබෙනවා. ලෝකයට ලෝක සෞඛ්‍ය සංවිධානයක් අවශ්‍යයි" යැයි ධවල මන්දිරයේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු වන ෆවුසි පැවසීය.

"ලෝක සෞඛ්‍ය සංවිධානයට කළ හැකි දේවලින් අපි දිගටම ප්‍රතිලාභ ලබනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. ඒ අතරම ඔවුන් දිගටම වර්ධනය වනු ඇති" යැයි ෆවුසි වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප් සිය තීරණය වෙනස් කරනු ඇති බව විශ්වාස කරමින් විය හැකිය.



Recommended Articles