දකුණු අප්‍රිකානු නගරයක් වන පෝර්ට් එලිසබෙත් නුවර ධාවනය වෙමින් පැවති මෝටර් රථයක් මතට ඉහළ නවතා තිබූ ට්‍රක් රථයක් ඇද වැටී කාරය තැලී පොඩිවී ගියත් එහි ගමන්ගත් කාන්තාව දිවි ගලවාගෙන තිබේ.
ට්‍රක් රථ රියදුරු තම දරුවන් පාර්සන්ස් හිල් ප්‍රාථමික පාසලෙන් රැගෙන ඒම සඳහා ට්‍රක් රථය නවතා පාසලට ගොස් ඇති අතර, ඒ නිමේෂයේදී එය කන්දෙන් පහළට පෙරලී කාරය මතට කඩා වැටී ඇත.
මෙම අනතුරේදී එම කාන්තාව ගමන් ගත් ඕපල් කාරය සම්පූර්ණයෙන්ම පාහේ සමතලා වී ඇති අතර, එහිදී කාන්තාව බරපතල තුවාල ලැබුවත් ඇයගේ ජීවිතය බේරී තිබීම පුදුමසහගත බව කියැවෙයි.
සහන කණ්ඩායම් ඉදිරිපත්ව දැඩි පරිශ්‍රමයකින් මෙම කාන්තාව බේරාගෙන ඇති අතර, අස්ථි බිඳීම් ඇතුළු තුවාල කිහිපයක් පැවති බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.