ට්විටර් වෙත ඇමෙරිකානු අතපෙවීම් වැඩියි - මස්ක්


ට්විටර් සමාජ ජාලය වෙත එක්සත් ජනපද රජයේ අතපෙවීම්වල සැබෑ ස්වරූපය දැකීමෙන් තමන් කම්පනයට පත්වූ බව එම සමාගමේ වත්මන් සභාපති එලොන් මස්ක් පවසයි.

"රජයේ ආයතන ට්විටර් දත්ත වෙත සිදුකරන පූර්ණ ප්‍රවේශය දැකීමෙන් මා මවිත වුණා." ෆොක්ස් නිවුස් සමග සිදුකළ සාකච්ඡාවකදී මස්ක් සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ තමන් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඇ.ඩො.බිලියන 44කට ට්විටර් සමාජ ජාලය මිලදී ගන්නා තුරු එවැන්නක් නොදැන සිටි බවයි.

කෙසේ වෙතත්, ඔහු සමාජ ජාලය මිලදී ගැනීමෙන් පසුව එසේ රජයේ ආයතන විසින් සිදුකරන ප්‍රවේශයන් අවහිර කළේද යන්න පැහැදිලි නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles