ට්විටර් සමාජ ජාලය මෑතකදී මිලදී ගත් ප්‍රකට ව්‍යාපාරික එලොන් මස්ක් තමන් එහි ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වන්නද නැද්ද යනුවෙන් එහි පරිශීලකයන්‍ගෙන්ම මත විමසීමක් සිදුකර තිබේ.
ඒ අනුව මේ වනවිට දැනට මත විමසීමට සහභාගි වී ඇති මිලියන 17.5ක ඡන්ද ප්‍රමාණයෙන් 57%ක් පමණ මස්ක් නායකත්ව භූමිකාවෙන් ඉවත් විය යුතු බව ප්‍රකාශ කර තිබුණි.
එහිදී මස්ක් එහි ප්‍රධානියා ධුරයෙහි රැඳී සිටිය යුතු බව පවසා ඇත්තේ 43%ක් පමණි.